බංගලාදේශය සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 07කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 45 යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු සංඛ්‍යාව 227 ක් පමණයි.
ජයග්‍රහණය සඳහා ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36 යි පන්දු 5ක් තුළ කඩුලු 03ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.