ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව පොදුජන පෙරමුණ පවසනවා.
එවැනි තීරණයක් ගන්නේ නම් විධායක සභාව අනිවාර්යයෙන් රැස්විය යුතු බව යි එම පෙරමුණ සදහන් කරන්නේ.
පසුගිය 16 වනදායින් පසු පක්ෂයේ විධායක සභාව රැස්වී නොමැති බවද පොදුජන පෙරමුණ පැවසුවා. පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ලබා දී නැතැයි ද පොදුජන පෙරමුණ සඳහන් කළා.
කෙසේවෙතත් පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කිරීමේ සුදානමක් ඇති බවටයි.