පොලිස් නිලධාරියෙකු සහ පුද්ගලයෙකු අතර බහින් බස්වීමකින් පසු එම පුද්ගලයාට පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ සංසරණය වෙමින් පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ අදාළ සිදුවීම මැයි මස 24 වනදා රාත්‍රී කාලයේදී ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව, මඩගල්ල මාර්ගයේදී සිදුව ඇති බවයි.
මාර්ගයේ අධික වේගයෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු සහ කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේදී ඇති වූ බහින්බස්වීමකින් අදාළ සිදුවීම සිදුව ඇති බවට කරුණු අනාවරණ වන බවද පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් 1 පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ විමර්ශනයන්ට අනුව වීඩියෝ දර්ශනයට අදාළ පුද්ගලයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් 1 පොලිස් අධිකාරිවරයා විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.