රට තුළ මතුව තිබෙන සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස පොන්නි සම්බා පිටරටින් ගෙන්වීමට අවසර දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පසුගිය 15 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා කාලය තුළ පොන්නි සම්බා ආනයනය කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබෙනවා.
ආනයනය කරනු ලබන පොන්නි සම්බා නොවැම්බර් 15 වැනිදාට පෙර රේගුවෙන් මුදාහැරිය යුතු බවද එම නිවේදනයේ සඳහන්.