දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වාර්තාවක් කැඳවා තිබෙනවා.
එම සිදුවීම සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ .
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මේ සිදුවීමට මුහුණ දුන්නේ යාපනය වඩමච්චි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදීයි .
මන්ත්‍රීවරයා කියා සිටියේ එහිදී පොලිස් විමර්ශන ඒකකයේ සාමාජිකයින් ලෙස හඳුන්වා ගත් පිරිසක් එම ස්ථානයට පැමිණ තමන්ට තර්ජනය කර පහර දුන් බවයි.