පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මස 24 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉන්දියාවේ අහමදාබාද්හිදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
මෙම තරඟාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. ඒ, යොවුන් වයස් කාණ්ඩයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 ක්, කණිෂ්ට වයස් කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 ක් සහ ජ්‍යෙෂ්ඨ අංශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 ක් ලෙසයි.
පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ රන් පදක්කම්ලාභී චින්තන ගීතාල් විතානගේ, රිදී පදක්කම් ලාභී ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් ලාභී ඩිලන්ක ඉසුරු කුමාර, හංසනී ගෝමස් සහ චතුරිකා ප්‍රියන්ති ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරන බවයි සඳහන් වන්නේ.