පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හෙට(28) දින සිට නිවඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය කියා සිටියේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගැනුණු බවයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය ඉවත්ව යනතුරු මෙලෙස නිවාඩු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.













