කොටහේන සහ ඊච්චන්කුලම යන පොලිස් බලප්‍රදේශවල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා.
ඊච්චන්කුලම්, කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ නිවසක් තුළදී අද(19) අලුයම් කාලයේදී කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා පහරදීම හේතුවෙන් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
වයස අවුරුදු 37ක් පමණ වූ කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
පවුල් ආරවුලක් මත මියගිය කාන්තාවගේ පුරුෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිය බිරිය ගෙල කපා ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකරුද තම ගෙල කපා ගැනීම හේතුවෙන් තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.
මියගිය කාන්තාවගේ මෘතදේහය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම ඇති බවත් ඊච්චන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර කොටහේන, 06 වන පටුමග ප්‍රදේශයේදී ද ඊයේ(18) රාත්‍රී කාලයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක් පමණ වන පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද පොලිසිය කියා සිටියා.
සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් පොලිසිය පවසනවා.













