පිලිපීනයේ ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රීය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිනිත්තු 10ක් පමණ ඇතුළත එහි පිපිරුම් 02ක් සිදු වී ඇති බවයි.
පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් මෙම ගිනි කන්ද පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .
පිපිරුමේ අළු සහ වාෂ්ප කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට විසි වී ගොස් ඇති බවද එම වාර්තා වල වැඩිදුරටත් සදහන් .
වර්තමානයේදී අනතුරු ඇඟවීමේ පළමු මට්ටම යටතේ ටාල් ගිනි කන්ද පවතිනවා.
ගිනි කන්දෙන් තවදුරටත් අළු විමෝචනය හෝ කෙටි කාලීන පිපිරීම් ඇතිවීමේ හැකියාව පෙන්නුම් කරන බවයි පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය සදහන් කලේ .
එම ආයතනය දැනුම්දී ඇත්තේ විශේෂයෙන් ප්‍රධාන ආවාටය අසල ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසයි.
පිලිපීනයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳුවලින් එකක් වන ටාල් ගිනි කන්ද අවසන් වරට 2020 ජනවාරි මාසයේදී සක්‍රීය වී තිබෙනවා.
පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය ගිනි කන්දෙහි ක්‍රියාකාරිත්වය සමීපව නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යනු ලබන බවයි වාර්තා වන්නේ.













