ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවැති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී මුළු ලකුණු 294 ක් රැස් කළා.
මේ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිමි වූ ඉලක්කය ලකුණු 295ක්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 234 කට සීමා කළ ඇෆ්ගන් පන්දු යවන්නන් පළමු තරගයේ ජයග්‍රහණයේ සතුට ඇෆ්ගනිස්තානයට ලබා දුන්නා.
පන්දුවාර 38 ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත ලකුණු සංඛ්‍යාව 234 ක්.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 85 ක් සහ වනිඳු හසරංග ලකුණු 66 ක් ලබා ගත්තා. මේ අනුව ඇෆ්ගනිස්තානයට ලකුණු 60 ක ජයක් හිමි වුණා.
ශ්‍රිලංකාවේ පරාජය පිළිබඳ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් මහතා කරුණු දක්වා සිටියේ මෙලෙසින්…
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














