හැටන් ප්‍රදේශයේ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වලට පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ ඇඟලුම් සේවක ප්‍රවාහන බස් රථ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ හදිසි පරීක්ෂණයකට ලක්ව තිබෙනවා.
හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලදාරීන් විසින් මස්කෙළිය බගවන්තලාව, ගිනිගත්හේන, තලවකැලේ, කොටගල යන ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පාසල් ළමුන් ප්‍රවාහනය කරන සියලුම වාහන සහ ඇඟලුම් සේවක ප්‍රවාහන බස් රථ හැටන් දුම්රිය ස්ථානය අසලට රැගෙනවිත් එහිදී එම වාහන පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.
වාහන පරීක්ෂා කිරීමට ප්‍රථම පොලිස් අධිකාරිවරයා සහ මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පාසල් ළමුන් ප්‍රවාහනය සිදුකරන රියදුරන්ට සහ අයිතිකරුවන්ට සහ ඇඟලුම් සේවක ප්‍රවාහන බස් රථ රියදුරන් දැනුවත් කිරීමක්ද සිදු කරනු ලැබුවා.
මෙම වාහන පරීක්ෂාවේදී පාසල් ළමුන් ප්‍රවාහන කරන වාහන ධාවනයට පාසල් ළමුන් ප්‍රවාහනයට සහ ඇඟලුම් සේවක ප්‍රවාහනයට තරම් සුදුසු තත්ත්වයේ ආරක්ෂාකාරී ලෙස තිබේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.
මෙම පරීක්ෂාවේදී පාසල් ළමුන් ප්‍රවාහනයට සහ ඇඟලුම් සේවක ප්‍රවාහන බස් රථ සුදුසු තත්ත්වයේ නොතිබුණු වාහන කිහිපයක් එම වාහනවල අඩුපාඩුකම් සපුරා ගන්නා තෙක් තාවකාලිකව ධාවනය අත්හිටුවීමට මෝටර් රථ පරීක්ෂකවරයා කටයුතු කළ අතර තවත වාහන කිහිපයක තිබූ සුළු අඩුපාඩු අලුත්වැඩියා කරගැනීමට දින 14ක කාලයක් ලබාදෙනු ලැබුවා.
තාවකාලිකව ධාවනයන් ඉවත් කළ සහ අඩුපාඩුකම් අලුත්වැඩියා කර ගැනීමට උපදෙස් ලබාදුන් වාහනවල ආදායම් බලපත්‍ර මෝටර් රථ පරීක්ෂකවරයා භාරයට ගෙන තිබෙනවා.