පාසල් පැවැත්වෙන කාලාසිමාව තුල ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය කර තිබෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ගේ බලවත් ඉල්ලීම මත අදාළ සංශෝධනය සිදු කල බවයි භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශය සදහන් කලේ.
භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශය පෙන්වා දෙන්නේ පනවන ලද නව කොන්දේසිය අනුව ඉදිකිරීම් කර්මාන්තයට අදාළව දහවල් කාලයේ දී ඛනිජ ප්‍රවාහනයට ඇතිවන දැඩි බලපෑම මත කර්මාන්තකරුවන්ට ඇතිවන අපහසුතාවයන් සළකා බලා මෙම සංශෝධනය කිරීමට තීරණය කල බවයි.
ඒ අනුව, ඉහත කාලසීමාවන් තුළ දී පාසල් අසළ හා සිසුන් පාර මාරුවන ස්ථාන අසළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම සහ වාහන වල වේගය සීමාවීමකින් යුතුව ධාවනයද පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතු වනවා.
එබැවින්, පාසල් පැවැත්වෙන දිනයන් හි දී පෙරවරු 06.30 සිට පෙරවරු 07.45 දක්වා සහ පෙරවරු 11.30 සිට පස්වරු 02.30 දක්වා කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහනයේ යෙදීම නව කොන්දේසි සංශෝධනය අනුව සිදු කළ යුතු බවයි දැනුම් දී ඇත්තේ.
ඛනිජ ප්‍රවාහනයේදී අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය කිරීම හේතුවෙන් පාසල් සිසුන් රැගත් වාහන අනතුරුවලට ලක්වීම වර්තමානයේ බහුලව සිදුවන බවට නිරීක්ෂණය වීමත් සමඟ අදාළ තීරණය ගෙන තිබුනා .
මෙම නීතිය ක්‍රියාත්මක වීමේදී පොලිස්පතිතුමාගේ උපදෙස් මත වේග සීමා යටතේ රියදුරන්ට ධාවනය කිරීමට සදහා අවස්ථාව සැලසෙන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ මහතා සදහන් කළා .
එමෙන්ම අදාළ පාසල ආශ්‍රිත පොලිසිය විසින් මේ පිලිබදව අධීක්ෂණය කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ.