පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එකම පාසලක ඉගෙන ලබන සිසුවියන් තිදෙන තම සිය සුඛෝපභෝගි නිවසට රැගෙන ගොස් සැකකාර 30 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයා විසින් වරින්වර ලිංගික අපයෝජන කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 13 හැවිරිද දැරියන් දෙදෙනෙක් සහ 16 හැවිරිදි දැරියකි.
පොලිසිය කියාසිටියේ, එම දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇති බවයි.
සැකකරු අදාළ දැරියන් අපහරණය කිරීම සඳහා නිවසට රැගෙන යාමට යොදාගත් සුඛෝපභෝගි මෝටර් රථය සහ සිසුවියන් පෙළඹවීමට යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු මීට වසරකට පමණ ඉහතදී 16 හැවිරිදි දැරිය පාසලට පා ගමනින් යන අවස්ථාවේදී ඇයට උදව් කරන මුවාවෙන් මෝටර් රථයේ නංවාගෙන යන අතරතුරදී මිතුරු වී දහවල් කාලයේදී නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවල තෙවරක් පාදුක්ක සිය නිවසට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මීට මාස තුනකට පමණ පෙර මෙම දැරිය ඇය ඉගෙනුම ලබන පාසලේම අට වසර පන්තියේ දැරිය අමතා “ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?” කියා විමසා තිබෙනවා.
නැහැ යැයි කියු විට “එක්කෙනකු ඉන්නවා… මම අඳුනලා දෙන්නද?” අසා ඇති අතර එම අවස්ථාවේදී අතවරයට පත් දැරියක් මට එයාගේ ෆොටෝ එකක් බලන්න ඕනේ යැයි පවසා තිබූ බව පොලිසිය පවසනවා.
ඉන්පසුව 16 හැවිරිදි දැරිය වට්ස්ඇප් තාක්ෂණය හරහා 13 හැවිරිදි දැරියගේ මවගේ ජංගම දුරකථනයකට සැකකරුගේ ඡායාරූපයක් එවා ඇති අතර “මම එයාට කැමැතියි” යනුවෙන් දැරිය එකඟත්වය පළ කර තිබෙනවා.
අනතුරුව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කර ගත් පරිදි පසුගිය සිකුරාදා (27) ඔවුනොවුන් හමුවීමට තීරණය කරගෙන ඇති අතර ඒ බව සැකකරු සමග දුරකථන සබඳතා පැවැත්වූ 13 හැවිරිදි දැරිය සිය මිතුරියකට දැනුම්දී ඇයද සමග පෙමවතා හමුවීමට එකඟතාවය පළ කර තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
එහිදී සැකකරු දැරියන් දෙදෙනාව ඔහුගේ රාජකාරී කාමරය වෙත රැගෙන ගොස් මෙම ලිංගික අතවරය සිදු කර ඇති බවටයි පොලිසිය පවසන්නේ.