කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී මහනුවර දෙසට ධාවනය කළ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව පෙරළී ගොස් එම දෙසටම ධාවනය වූ ලොරි රථයකට යටවීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් පමණ වූ වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දංඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.