පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුගත කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා.
ප්‍රතිව්‍යුගත කිරීමේ කටයුතු සඳහා විශ්‍රාමලත් උසස් පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවටයි වාර්තා වන්නේ.
මේ වනවිට එම කමිටු වාර්තාව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබෙනවා.
මෙහිදී පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය මෙන්ම වැටුප් ව්‍යුහයද වෙනස් කළයුතු බවට එම කමිටුව විසින් නිර්දේශ කර ඇති බවද සඳහන්.
ඒ අනුව පත්කළ කමිටුව විසින් තනතුරු උසස්වීම්, වැටුප් වර්ධක ගෙවීම්, පුරප්පාඩු පිරවීම් මෙන්ම නව බඳවා ගැනීම් සිදුකරන ලෙස කථානායකවරයාව යෝජනා කර තිබෙනවා.
එමෙන්ම මෙම වාර්තාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ද භාර දී ඇති අතර ඊට අදාළව යෝජනා ඉදිරිපත් කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ.
මේ අතර පාර්ලිමේන්තුවේ නව ප්‍රතිවූගත කිරීම් සම්බන්ධයෙන් කථානායක වෙත ඉදිරිපත් කර ඇති නිර්දේශ ඇතුළත් වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව කථානායක කාර්යාලය සඳහන් කලා.












