නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා හිමිකරු සොයා විමර්ශන සිදු කෙරෙන බව එරට පොලීසිය මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.












