
පාකිස්තානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අධිවේගී මාර්ගයක ගමන් කළ මෙම බස් රථය පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.














