දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද අහස වලාකුළින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ. එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා එය හෙට උදෑසන 05.30 දක්වා බලපැවැත්වෙන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
උණුසුම් පුවත්
- конторы Mostbet.4333
- казино – Официальный сайт Pin up играть онлайн Зеркало и вход.1928
- ලෝක ධීවර දිනය අදයි
- විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
- ඊශ්‍රායල රැකියා සදහා තවත් ලාංකිකයින් පිරිසක්
- මාපිය රැකවරණ දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක්
- ප්‍රසිද්ධ ගායකයෙක් අධිකරණයේදී වරද පිළිඅරන්
- තංගල්ලට ගෙනා බෝට්ටුවෙන් හමු වූ දේ










