දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද සඳහන්.
මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් දක්වා වැඩි විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිසාවකින් තොරව හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 30ක් පමණ වේ.
මුහුදේ ස්වභාවය
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
කොළඹ සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ඵ්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.