දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පැවැතිය හැකි අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණ සහ උතුරු ඵලාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද නිකුත් කර තිබෙනවා.
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බැවින් දිවයිනට ගිනිකොණදිග ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටිනවා.
වැසි තත්ත්වය
ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අනෙකුත් මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ
සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ක් 35ක් පමණ වේ.
ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය
ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිටම එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.