කළුතර පලාතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් යතුරු පැදි අලුත්වැඩිය කරන ස්ථානයක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවිය.
වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාලයක් හෝ හානියක් සිදුව නොමැති බවද පොලිසිය පවසනවා.
වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ වැටී තිබී ජීව උණ්ඩ දෙකක් සහ හිස් උණ්ඩ දෙක්ක පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව පොලිසිය සැක කරන්නේ වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ කළුතර දකුණ පොලිසිය එක්ව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.