නොවැම්බර් මස 27 වන දින නුවරඑළිය නගරයේ ඇති වූ ගංවතුර තත්ත්වයට හේතුව නුවරඑළියේ පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔය ඇළ පිටාර ගැලීම බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා අද(18) දින නුවරඑළිය නගර සභා ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑළිය ගෙග්‍රරි වැවේ වාන් දොරටු විවෘත නොකිරීම නිසා නුවරඑළිය නගරය ජලයෙන් යට වූ බවට නුවරඑළිය මහජනතාව විසින් ඇතැම් මාධ්‍ය ආයතනවල පළ කරන ලද වාර්තා අසත්‍ය බවයි නගරාධිපතිවරයා කියා සිටියේ.
නුවරඑළිය නගරය ජලයෙන් යටවීමට පෙර නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටු දෙක විවෘත කළ බවත් දින තුනක් අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන තලගල ඔයේ ජලය වැඩිවීම, නුවරඑළියේ නගරයේ අනවසර ඉදිකිරීම්, ඇළ මාර්ග පටුවීම සහ ගෙග්‍රරි වැවේ වාන් දොරටු පුළුල් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් නුවරඑළිය නගරය ජලයෙන් යටවූ නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.
තවද නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට යන මාර්ගය, නුවරඑළිය තුරඟ පිටිය, නුවරඑළිය ගෝල්ෆ් පිටිය ඇතුළු බොහෝ ස්ථාන ගංවතුර හා නායයාම් හේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා.
නුවරඑළියේ බලපෑමට ලක්වූ කෘෂිකාර්මික අංශය, සංචාරක අංශය සහ වානිජ අංශය සංවර්ධනය කිරීමට සහ නුවරඑළිය නගරය යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී නුවරඑළියේ එවැනි ගංවතුර තත්ත්වයන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීනස හ දිගු කාලීන වැඩසටහන් ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට නුවරඑළිය මහ නගර සභාව සූදානම් බවද නගරාධිපතිවරයා පවසනවා.
නියෝජ්‍ය නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සිවන්ජෝති යෝගරාජා, නාගරික කොමසාරිස්, නාගරික ලේකම් සහ නගර සභාවේ පාලක්ෂයේ සාමාජිකයන්ද මෙම රැස්වීමට එක්ව තිබෙනවා.













