දිට්වා සුලි කුණාටුවෙන් නායයාමට ලක්වූ නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ දින ගණනාවකට පසු ඊයේ(10) දින සැහැල්ලු වාහන පමණක් ධාවනයට විවෘත කෙරුණා.
එම මාර්ගයේ කටුකිතුල, තවලන්තැන්න, රම්බොඩ ඇල්ල ඇතුළු ස්ථාන කිහිපයකින් මාර්ගයේ විශාල වශයෙන් නායගොස් තිබුණා.
යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව එම මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර එක් මංතීරුවක් පමණක් සැහැල්ලු වාහන ධාවනයට විවෘත කර ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය මාර්ගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බර වාහන ධාවනය සඳහා මාර්ගය විවෘත කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කියා සිටියේ.
එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමෙන් රිය ධාවනය කරවන ලෙසත් මාර්ග නායගිය ස්ථානවල නතර නොකරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.















