Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීතිඥ වෘත්තියේ‍ යෙදෙමින් විදේශ රැකියා වංචාවන් කරලා

    නීතිඥ වෘත්තියේ‍ යෙදෙමින් විදේශ රැකියා වංචාවන් කරලා

    හිටපු නගරාධිපතිගේ පුතාත් පොලිස් දැලේ
    2025-10-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එංගලන්තයේ හා මෝල්ටාවේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල නීතීඥවරයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු මොරටුව ප්‍රදේශයේ CMM Travels & Tours නමින් බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇතත් එංගලන්තයේ හෝ මෝල්ටා රාජ්‍යයට රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැති අතර, මේ වන විට එම රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද කල් ඉකුත්වී තිබේ. සැකකරු කාර්යාංශ පනත උල්ලංඝණය කරමින් ඉහත රටවල රැකියා ලබාදීමට පුද්ගලයින් තිදෙනෙකුගෙන් රු.9,410,000.00 (රුපියල් අනූ හතර ලක්ෂ දස දහසක්) මුදලක් අයකර ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් හෙයින් එම මුදල් ලබාදුන් පුද්ගලයින් කාර්යාංශයට පැමිණිලි කර තිබේ. එම පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ සැකකරු කාර්යාංශයට පැමිණි අවස්ථාවේදී විමර්ශන නිළධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊයේ දින (10/15) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී ඔහු විසින් වරද පිළිගත් හෙයින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද අතර, ජනවාරි 27 දින නඩුව යළි කැඳවීමට නියමිතයි.

    මේ අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකිරීමට තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගත්, ජාඇල, කළඑළිය ප්‍රදේශයේ පදිංචි හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (10/15) අත්අඩංගුවට ගන්නා ලදී. කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිට ඇති අතර, උපායදූතයින් මාර්ගයෙන් ඔහුව සම්බන්ධ කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී සැකකරුගේ නිවසේ තිබී රැකියා අයදුම්පත්‍ර හා වීසා සම්බන්ධ ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (10/16) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    එසේම ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචාකළ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද ඊයේ දින (10/15) කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී. රැකියාව ලබාගැනීම සඳහා සැකකරුට මුදල් ලබාදුන්නද, පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් හෙයින් කාර්යාංශයට එක් පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා බඳවාගැනීම හා මුදල් අයකිරීම යන චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරු අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    විදේශ රැකියා වංචාකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.නීතිඥ වෘත්තියේ‍ යෙදෙමින් විදේශ රැකියා වංචාවන් කරලා

    පෙර පුව​තබේකරි නිෂ්පාදන මුවාවෙන් ගුලි විකුණලා
    ඊළඟ පුව​ත අකූණු සැරයක් කළ හදියක්

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group