නැගෙනහිර යුක්රේනයේ ඩිනිප්‍රෝ නගරයේ වෛද්‍ය සායනයකට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ මෙය රුසියාවේ සාහසික ක්‍රියාවක් බවයි.
රුසියාවෙන් එල්ල කළ මිසයිල ප්‍රහාර 17ක් එක් රැයක් තුළ ව්‍යර්ත කළ බව යුක්රේන ආරක්ෂක අංශ සදහන් කළා.