ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙළෙඳ සැල් හතක් නායයාමේ අවදානමක් හේතුවෙන් අද(19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගත් බව පුස්සැල්ලාව පොලිසියේ නිලධාරියෙකු කියා සිටියා.
එම වෙලෙඳසැල් එක්වරම පිපිරී ඉරිතැලීම හේතුවෙන් මෙම වෙළෙඳ සැල් වසා දැමීමට පියවර ගත් බවත්, පවතින ආපදා තත්ත්වය පිළිබඳ පුස්සැල්ලාව පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් වෙළෙඳ සැල් හිමියන් සහ ජනතාව දැනුවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
අයහපත් කාලගුණය නිසා පුස්සැල්ලාව නගරයට ආසන්නයේ පිහිටි සෙන්කුවාරි වත්තේ උඩ කොටස කඳු පන්තියේ පොළොව ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමකට ලක්ව තිබෙනවා.
පුස්සැල්ලාව නගරයට පහළින් පිහිටි පුස්සැල්ලාව පල්ලෙගම වසමෙහි මෙවැනිම ආකාරයට පුපුරා ඉරි තලා තිබූ ස්ථාන කිහිපයක් ප්‍රදේශවාසීන්, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී සහ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා එක්ව පස් යොදා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්තක්ද ඊයේ(18) දින සිදු කර තිබෙනවා.













