යෝජිත නව කම්කරු පනත ගෙන එනු ලබන්නේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවෙන් පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට එක් වෙමින්.
නව පනත සඳහා යෝජනා සකස් කිරීමට විෂය ප්‍රාමාණිකයින්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව සකස් කළ පනත යළි ගෙන ඒමට කිසිසේත් කටයුතු නොකරන බවයි වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ.
සේවක අර්ථසාධක අරමුදල පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල පාලනය සහ කළමනාකරණය පොදු වේදිකාවක් මතට ගෙන ඒම හරහා අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීමත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවීම වඩා කාර්යක්ෂම කිරීම් සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා මෙහිදී ඉදිරිපත් ව ඇති බවයි වාර්තා වුනේ.