
මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සහ ගිනි අවියක් පෙන්වා බියගන්වා තර්ජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකට අනුවයි. මිරිහාන දෙල්කඳ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ. පසුගිය ජූලි 19 වනදා දෙහිවල නිසල අරණ සුසාන භූමිය තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්දියේ යතුරුපැදිකරු මොහු බවටයි අනාවරණය වී ඇත්තේ.














