පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලන හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පස් කඳු කඩා වැටී ඇති අතර දුම්රිය මාර්ගයට ආසන්නව ස්ථාන දෙකක මාර්ගය නාය ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් අද උදැසන ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමටයි කටයුතු කර තිබුනේ.
ඒ අනුව උදැසන 04.30ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා සහ උදැසන 04.50 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර අවලංගු කර තිබුනා.
එමෙන්ම උදැසන 5ට මහනුවර සිට මාතර දක්වා සහ උදැසන 06.15 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාරද අවලංගු කිරීමටයි පියවර ගෙන තිබුනේ.