දීපාවලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවවගේ ගමන් පහසුව උදෙසා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව හැටන්, බදුල්ල, නුවරඑළිය, මස්කෙළිය, නානුඔය සහ යාපනය ඇතුළු ප්‍රදේශවලට අතිරේක බස් රථ යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පවසන්නේ.
ඒ මහතා කියා සිටියේ අතිරේක බස් රථ 75ක් යොදවා ඇති බවත් එම බස් සේවාවන් අද(18) දිනයේ සිට පිටකොටුව බෝධිරාජ මාවත බස් පර්යන්තයේ සිට ගමනාන්තයන් වෙත ධාවනය කරන බවත්ය.
එසේම ඉරිදා(19) දිනයේදී අතිරේක බස් රථය 73ක් යොදවා ඇති බවත් එම බස් සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමානධිකාරිවරයා කියා සිටියා.
එළැඹෙන අඟහරුවාදා දිනයේදී යළි කොළඹ බලා පැමිණීමට ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද සැලසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 12කට අයත් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා කියා සිටියා.
මේ අතර ජාතික ගමනාගමන කොමිසන් සභාව කියා සිටියේ මාකුඹුර හා පිටකොුව බැස්ටියන් මාවතේ සිට දීපාවලි වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවයි.
අද හා හෙට දිනවල සාමාන්‍ය පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.