රජයේ භාණ්ඩාගාරයේ මුදල් පැවැති රජයන් මෙන් සැරසිළි සහ මාධ්‍ය සංදර්ශණ වලට නොයොදවා රටේ ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යාපෘති සඳහා යොදවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් වෙනුවෙන් නව රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ සහ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 04 ක් සදහා රජයේ ආධාර මත ඉදිකළ නිවාස නිල වශයෙන් භාරදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු වුණා.
ඒ අනුව දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දොඩංගොඩ, හල්කදවිල, පයාගල සහ බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අබේපිටිය යන ග්‍රාම නිලධාරි වසම් වල අඩු ආදායම්ලාභින් වෙත අමාත්‍යවරයා අතින් නව නිවාස වල යතුරු භාර දීම මෙහිදී සිදු වුණා.
මෙම එක් නිවසක් ඉදිකිරීම සදහා රජය මගින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ආධාර වශයෙන් ලබාදීමට පියවර ගෙන ඇති බව සදහන්.
මෙම වැඩපිළිවල තුළ රාජ්‍ය නිලධාරීන්ගේ පුර්ණ අධීක්ෂණයෙන් රටේ ජනතාවගේ බදු මුදල් ලැබිය යුතූ ජනතාව වෙතම ලැබී ඇති බවත්, එම ප්‍රතිලාභී අඩුආදායම් ලබන ජනතාවගේ ජීවිත තවත් ඉහළට ඔසවා තැබීමට හැකිවෙනවා මෙන්ම ඔවුන්ගේ ශ්‍රමය රටේ ආර්ථිකයට එක්කර ගැනීමට විශේෂ ව්‍යාපෘති ගණනාවක් රජය ක්‍රියාවට නංවා ඇති බව ද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
රජයේ වැඩපිළිවල සියලු ජන කොටස් සම්බන්ධ කරගෙන රටේ ආර්ථිකය ඉහළ නැංවීම බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
මීට කලින් රජයන් භාණ්ඩාගාරයේ විශාල මුදලක් සැරසිලි වලට වැය කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත් වූ බවත්, එම නිසා එම ව්‍යාපෘති ශක්තිමත්භාවයකින් තොර වූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා වත්මන් රජය ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යාපෘති වලට සැලසුම් සහගත වැඩපිළිවෙළක් තුළ මුදල් යොදවන බවද වැඩිදුරටත් පැවසුවා.