සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති වන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්
- පසමිතුරන්ගේ සටනේ කාසියේ වාසිය පාකිස්තානයට
- හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
- කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
- ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
- පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
- නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
- ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට














