බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් අවදානම අද පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුදුම්බර, දොළුව, මිණිපේ, මැදදුම්බර, දෙල්තොට, ගඟ ඉහළ කෝරළය, පාතදුම්බර, පන්විල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය සදහන් කලේ.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද නිකුත් කර ඇත්තේ ඉවත් වීමේ රතු නිවේදනයි.










