පසුගිය දින වැලිකන්ද මුතුගල වැවේ දිය පහරකට හසුව අතුරැදන් වූ පුද්ගලයෙකුගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.
මියගොස් ඇත්තේ නවසේනපුර පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය පුද්ගලයා විදෙස්ගත වීම සදහා සම්මුඛ පරීක්ශනයක් සදහා පිටව ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඔහුගේ බිරිද සමග මුතුගල වැවේ පිට වානෙහි ඇවිද යමින් සිටියදී දිය පහරට හසු වී ගසා ගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
දිය පහරට හසු වූ බිරිද ප්රදේශවාසීන් එක්ව බේරාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අතුරැදහන් වූ පුද්ගලයාගේ සිරැර අද උදෑසන හමු වූ බවයි.