නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලයෙක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(22) සවස් කාලයේදී නොච්චියාගම, කටුපත්වැවේ දියනෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලීම හේතුවෙන් නොච්චියාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට නොච්චියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි.
වයස අවුරුදු 58ක් පමණ වූ කටුපත්තෑව, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය අනුරාධපුර රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














