වතුකරය තුළ එල්ල වන බඹර ප්‍රහාරයන් දිනෙන් දින ඉහළ යාමත් සමග වතුකරයේ සේවය කරන වතු කම්කරුවන් දැඩි දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකට පත්ව තිබෙනවා.
මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වන වතු කම්කරුවන් කිහිපදෙනෙකුම කියා සිටියේ වතු තුළ රූස්ස ගස්වල මෙන්ම තේ පඳුරු යට ද බඹර කූඩු බැද ඇති බවයි.
එහි සිටින බඹරුන් වතු කම්කරුවන්ට පහරදීම මේ වන විට වර්ධන යවී ඇති බවද ඔවුන් පවසනවා.
පසුගිය දින දෙක් තුනක් තුලදී බඹර ප්‍රහාර හේතුවෙන් වතු කම්කරුවන් විසිපහක් තිහක් පමණ තුවාල ලැබූ බවත් මෙම තත්ත්වයන් මත වතුකරයේ සේවය කිරීමද මේ වන විට දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇති බවත්ය.
වතුකරය තුළ එල්ලවන මෙම බඹර ප්‍රහාර හේතුවෙන් වතු කම්කරු ජීවිතවලටද විවිධ තර්ජන එල්ලවීමේ අවදානමක් පවතින බවත් මෙම තත්ත්වයන් පසුගිය කාලය තුළදීද පැවැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
බඹර ප්‍රහාරයන් හේතුවෙන් වතු කම්කරුවන්ට පවතින දුෂ්කරතාවයන් මෙන්ම අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ බලදාරීන් දැනුවත් කළද මේ වනතෙක් මෙයට පිළියම් යෙදීමට කිසිවෙකු පියවර ගෙන නොමැති බවද එම පිරිස් පවසනවා.
බඹර ප්‍රහාරයන්ට ලක්ව රෝහල් ගත කරනු ලබන වතු කම්කරුවන් සඳහා සුබ සාධනයන් කිසිවක් නොමැති බවත් අඩු තරමින් වතු තුළ සේවය කරන විට සිදුවන බඹර ප්‍රහාරයන්ට ලක්වන පිරිසට යම් වන්දියක් හෝ ලබාදීමට අදාළ බලධාරීන් පියවර ගතයුතු බවද වතු කම්කරුවන් පවසනවා.
කිසිදු වගකීමක් නොමැතිව වතු තුළ සේවය කරනු ලබන වතු කම්කරුවන් බඹර ප්‍රහාරවලින් බේරා ගැනීම සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට වතු අධිකාරිවරුන් ඇතුළු වගකිවයුතු පිරිස් කටයුතු කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.
එසේම වතුවල බැඳ ඇති බඹර කූඩු ඉවත් කිරීමට හෝ අදාළ බලධාරීන් විසින් පියවර ගෙන වතු කම්කරු ජීවිත රැකගැනීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් වැඩිදුරටත් කියා සිටියා.