ඉකුත් ජනවාරි 01 වැනිදා සිට ජනවාරි 15 දක්වා වූ දින 15ක කාලය තුළ විදෙස් සංචාරකයන් 131,898 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි දිනය ලෙස ජනවාරි 15 වනදා බවත් එදින සංචාරකයන් 10,483 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බවත් එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටියා.
අදාළ කාලය තුළදී මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 23,786ක් බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එසේම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ රුසියාවෙන් සංචාරකයන් 14,785ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයන් 12,166ක් සහ සහා ජර්මනියෙන් සංචාරකයන් 9,260ක් මෙරටට පැමිණි තිබෙන බවයි.










