වායු රයිෆලයක් ක්රියාත්මක වීමෙන් තුවාල ලැබූ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.
වයස අවුරුදු 5 ක් වන එම දරුවා කතරගම දෙටගම ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබූ දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.
කෙසේ වෙතත් දරුවා රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.