දිවයිනට පැමිණ සිටින දකුණු කොරියානු නියෝජිත කණ්ඩායම, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.
කොරියාවේ ඉහළ පෙළේ සමාගමක් වන හුන්ඩායි සමාගමේ නියෝජිතයින් පිරිසක් මෙම හමුවට එක්ව සිටියා.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සදහා දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා දීමට අපේක්ෂා කරන බවයි ඔවුන් නියෝජ්‍ය කතානායකවරයාට දැනුම් දී ඇත්තේ.
මෙරට විදෙස් ශ්‍රමිකයින් සහ පහසුකම් සහ උපරිම ආරක්ෂාවක් ලබා දෙන බව ද අදාළ කොරියානු සමාගම නියෝජ්‍ය කතානායකවරයාට සහතික වී තිබෙනවා.