දකුණු ඇමරිකාවේ ගයානාහී පාසලක ඇති වූ ගින්නකින් පාසල් සිසුන් 19 දෙනෙකු ඇතුළු 20ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමට බාධා එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ.
මෙම පාසල තුළ කවුරුන් හෝ ද්වේශ සහගත ලෙස ගිනි තැබීම සිදු කර ඇති බවට මූලික විමර්ශන වලද හදුනාගෙන ඇති අතර, ගිනි තැබීමට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු මේ වනතෙක් හදුනාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.