තායිලන්ත ප්‍රහාරක යානා, කාම්බෝජ දේශසීමාව අසළ ස්ථාන ගත කර තිබේ.
ඒ, සිරියාව සහ කාම්බෝජය අතර දෙරටේ දේශසීමාව පිළිබඳ ගැටුමක් ඇතිවීම හේතුවෙනි.
දෙරට අතර කාලයක් පුරා පැවති දේශසීමා ගැටුම් සහ රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් මධ්‍යයේ එම ගැටුම ඇතිවී තිබෙනවා
ඊයේ(23) තායිලන්තය කාම්බෝජයේ සිය තානාපතිවරයා නැවත කැඳවා, එරට සිටින කාම්බෝජ තානාපතිවරයා නෙරපා හරින බව ප්‍රකාශ කිරීමෙන් පසුව එම ගැටුම උත්සන්න වී තිබෙනවා .
මේ අතර එම ගැටුම අතරතුර කාම්බෝජ හමුදා වෙඩි ප්‍රහාර හමුවේ තායි සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගැටුම්කාරී තත්වය හමුවේ තායිලන්ත වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි පවසා තිබුණේ ඔවුන් ප්‍රවේසම් විය යුතු බවයි.