සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආකල්පහා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
එහි මූලික සාකච්ඡාවක් ඊයේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ඒ අනුව,මෙම වර්ෂය තුළදී දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දසදහසක් පුහුණු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඊට වියදම වශයෙන් රුපියල් මිලියන 25කමුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කරනවා.
මෙහිදී ත්‍රීරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දීම, ත්‍රීරෝද රථ රියදුරන් තුළ වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට නියමිතයි.
සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන අයුරින් සේවා සැපයීම, සංචාරක ත්‍රීරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වා දීම ආදිය මෙන්ම, එයින් සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීමද මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි වාර්තා වුනේ.
මීට අමතරව, මිත්‍රශිලිව හා ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා පවත්වාගෙන යාම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් තුළ යහපත් ආකල්ප ප්‍රවර්ධනය, පුද්ගලික සනීපාරක්ෂාව සහ වෘත්තීමයභාවය වැඩි දියුණු කිරීම, තමන ආවරණය කරන ප්‍රදේශ හා ස්ථාන පිළිබඳ දැනුම වර්ධනය කිරීමද මෙමගින් අපේක්ෂා කෙරෙනවා.
උණුසුම් පුවත්
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට
- ශ්‍රී ලංකාවේ කාබනික අපනයන අංශයේ සැලකිය යුතු වර්ධනයක්
- උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමට අනුමැතිය
- නීති විරෝධීව උපයා ගත් මුදල සහ වාහන සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- නව යෝජිත ත්‍රස්ත විරෝධී පනත ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් විශේෂ දැනුම් දීමක්
- දකුණු අප්‍රිකාවේ හදිසි තත්වයක් – ගංවතුරින් 200 ක් මරුට













