තලවකැලේ ලිදුල නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරු 3.30ටපැවැත්වුණා.
ඒ තලවකැලේ ලිදුල නගර සභා රැස්වීම් ශාලාවේදීයි.
එම නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ මලිදූව ලියනගේ උපාලි මහතා විවෘත ඡන්ද හයකින් තේරී පත් වූ අතර එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සින්නයියා පෙරියසාමි රොසාන් රාජසේගර් මහතා ඡන්ද හයකින් තේරු පත් වූවා.
මෙම නගර සභාවට සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා නම් දෙකක් ඉදිරිපත් වූ අතර කඳුරට ජනතා පෙරමුණේ තාලමුත්තු සුදාගර් මහතාගේ නම පළමුව යෝජනා වූ අතර, දෙවනුව මලිදූව ලියනගේ උපාලි මහතාගේ නම යෝජනා විය.
ඒ සඳහා විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට සභිකයින් හය දෙනෙක් යෝජනා කළ අතර රහස් ඡන්දයක් පවත්වන ලෙසට සභිකයන් හය දෙනෙක් එකඟතාවය පළ කළා.
එම නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අසංක සම්පත් පීරිස් මහතා සභාපතිවරයා සහ උප සභාපතිවරයා තේරීමේ ඡන්දයෙන් වැලකී සිටියා.
තලවකැලේ ලිදුල නගර සභාව සභික ධුර 12කින් සමන්විත වනවා.
එම සභික ධුරයන් බෙදී ගොස් තිබුණේ ජාතික ජන බලවේගයට සභික ධුර හතරක්ද කඳුරට ජනතා පෙරමුණට සභික ධුර තුනක්ද ලංකා කම්කරු කොංග්‍රසයට සහ සමගි ජන බලවේගයට සභික ධුර දෙකෙ බැගින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් සභික ධුරයක්ද බැගිනි.