ආණ්ඩුවේ අදෘෂ්‍යමාන බලවේගයක් මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් සිදුකරන බවට සැක මතුව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණයක් පවත්වන බව සඳහන් කලද මෙතෙක් නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කලේ මැතිවරණ පැවැත්වීම කල් දැමීම තුලින් තරුණ කැරලි මතුවීමේ ප්රවනතාවක් මතුවන බවයි.