මෙම වසරේ දී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව නොවැම්බර් මස 27 වනදා වන විට මෙම වසරේ මුළු රෝගීන් 75,377ක් වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 15,953 ක්.
බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් 35,553 ක් වාර්තා වී ඇති අතර එය පළාත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව වනවා.
ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.














