මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
දකුණු අප්‍රිකාව තුල සුදු ජාතිකයින් මහා පරිමාණයෙන් පීඩාවට පත්කරන බවට චෝදනා කරමින් ට්‍රම්ප් මේ බව නිවේදනය කර තිබුණා.
ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් හි නායකයින් සහභාගි වන මෙවන් දැවැන්ත සමුලුවක් දකුණු අප්‍රිකාවේ පැවැත්වීම සම්බන්ධවත් ඔහු සිය බලවත් විරෝධය එම නිවේදනය තුලින් පලකර තිබෙනවා.
කෙසේ නමුත් දකුණු අප්‍රිකානු විදෙස් කටයුතු අමාත්‍යංශය පවසන්නේ මෙම තීරණය පසුතැවිලි විය හැකි ස්වරූපයේ තීරණයක් බවයි.
එරට විපක්ෂය නියෝජනය කරන සුදු ජාතික හෝ අප්‍රිකානු කිසිදු දේශපාලන පක්ෂයක් දකුණු අප්‍රිකාව තුළ ජන සංහාරයක් සිදුවන බවට එල්ලවන චෝදනා පිළිගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහෙත් දකුණු අප්‍රිකානු රජය අවධාරණය කරන්නේ තමන් මෙම මතය කිසිසේත් පිළිනොගන්න බවයි.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










