Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක අනතුරු හතරකින් නැවතුණු ජීවිත

    මාරක අනතුරු හතරකින් නැවතුණු ජීවිත

    2025-11-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.67 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල යන ප්‍රදේශයන්හිදී සිදු වූ මාරක රිය අනතුරු හතරකින් අට හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ මාතලේ, මහනුවර යාපනය මාර්ගයේ දියබුබුල පාලම අසලදී මාතලේ දෙස සිට ඇල්වල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇති බවයි.

    අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලය ාමාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක් පමණ වන යාචක පුද්ගලයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

    මෘත දේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතට තණමල්විල – වැල්ලවාය මාර්ගයේ බලහරුව ප්‍රදේශයේදී වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ටිපර් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් තුවාල ලැබූ වෘන් රථයේ රියුදරු තණමල්විල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක් පමණ වූ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    වැලිකන්ද, අසේලපුර – කුරුළුබැද්ද මාර්ගයේ අසේල ප්‍රදේශයේදීද අනතුරක් සිදුව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ කුරුළුබැද්ද දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක මාර්ගය හරහා ගමන් කළ දරුවෙක් ගැටී අනතුර සිදුව ඇති බවයි.

    අනතුරින් තුවාල ලැබූ එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටයිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ අසේලපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 8ක් පමණ වූ දරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

    අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  දරුවෙක්ට සහ පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ අනතුරු දෙක

    වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර කොටවිල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    කොටවිල ලැබීම මාර්ගයේ කමුරුගමුව ප්‍රදේශයේදී කොටවිල දෙස සිට ලැබීම දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිනි යතුරුපැදියක් ගැටී අනතුර සිදුව තිබෙනවා.

    අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු ලැබීම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    කොටවිල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි 82 වියැති පුද්ගලයෙක් අනතුරෙන් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොටවිල පොලිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    accident
    පෙර පුව​තට්‍රම්ප් G20 සමුළුව වර්ජනය කරන බව නිවේදනය කරයි
    ඊළඟ පුව​ත ක්‍රිකට් පිටියක පිය-පුතු දෙපලගෙන් අලුත් වාර්තාවක්

    සබැ​ඳි පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    මුහුදේ ගිලී අතුරුදන් වූ තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    2026-08-31

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    2026-08-31

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group