
මෙරට පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභොගික උද්ධමන අනුපාතය අනුව ජූලි මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජූනි මාසයේදී මෙරට වාර්තා වූ 6.5%ක උද්ධමනය ජූලි මාසය වන විට 7.2% දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ආහාර කාණ්ඩයේ උද්ධමන අනුපාතය 4.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.














