ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරට අදාළව ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ජාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබුණා.
මෙම සාකච්ඡාව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ දී සිදු කෙරුනා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ගෝ ටෙක් යන ආයතන වලට අයත් ඩිජිටල් සංවර්ධන ව්‍යාපෘති වල ඉදිරි වැඩපිළිවෙළ පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමට හේතු වන බාධක හඳුනා ගැනීම මෙන්ම, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ පරිපාලන තීරණ ගැනීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ, 2026 වසර සඳහා යෝජිත අයවැය ප්‍රකාශයේ කේන්ද්‍රීය සාධකය වූ ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් කෙරෙන රජයේ ආයෝජන සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවයි.
තවද, දිවයින පුරා පිහිටි දුරකථන කුලුනු සහ අනෙකුත් ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෞද්ගලික ආයෝජකයින් සහ වෙළඳපොළ හසුරුවන්නන් හට වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා .













