ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාවේ තොරතුරු අනුව කෘෂිකර්ම අමාත්‍යංශය ලබා ගත් නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය සදහන් කළේ කසල කලමණාකරනය නිසි පරිදි නොකිරීම තුළ සත්ත්ව ග්‍රහණය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.
නිසි කසල කලමණාකරණයක් සිදු කිරීම ,වන්ධ්‍යකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම , වනජීවි කලමණාකරනයට අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය ,සත්ත්ව ගහණය වැඩි ප්‍රදේශවල ප්‍රජා භෝග ආරක්ෂණ කමිටු පත් කිරීම වැනි නිර්දේශ ඒ අතරට අයත් වනවා.
මෙම ජාතික සත්ත්ව සංගණනය කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් මාර්තු 15වනදා ක්‍රියාත්මක කරනු ලැබුවා.
ඒ අනුව එම වාර්තාවේ තොරතුරු ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කළේ.
උණුසුම් පුවත්
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි














